ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය USB Flash drive එකකින් දාගන්න ගියාම ඒක Bootable විදියට හදාගන්නේ කොහොමද කියන එක. CD/DVD එකකට දාගන්නේ නැතුව මේක කරනකොට පොඩි ලාබයකුත් තියෙනවා. ඒ වගේම අවශ්‍ය නැතිනම් ආයෙ වෙන දෙයක් දාගන්නත් පුළුවන් පහසුවෙන්ම...
මේ සඳහා මුලික වශයෙන්ම පිහිටුවා ගැනීමට අවශ්‍ය මෙහෙයුම් පද්ධතියේ Image File එකක් අවශ්‍යයි. ඊට අමතරව තවත් පොඩි මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. වින්ඩෝස් සඳහා මෘදුකාංගය පහලින් ගන්න...
මුලින්ම win to flash කියන මෘදුකාංගය පරිගණකයේ පිහිටුවා ගන්න ඕන. එක කරගෙන ක්‍රියාත්මක කරන්න.
මෙතනින් අපට අදාල මෙහෙයුම් පද්ධතිය තෝරාගන්න ඕන. මේ විදියට වෙනත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් උනත් හදාගන්න පුළුවන්.
දැන් ඉහත රූපයේ පෙන්වල තිබෙන ආකාරයට පෙරදී Download කරගත් Image File එක තිබෙන තැන සහ පෙන් ඩ්‍රයිව් එක තියෙන තැන හරියට පෙන්වන්න ඕන. ඉන්පසු රූපයේ ආකාරයට Run කියන එක ඔබන්න.
රුපයේ ආකාරයට ඉතිරි ටිකත් කරන්න. දැන් ටික වෙලාවක් ඉන්න වෙනවා අදාල ගොනු පෙන් ඩ්‍රයිව් එකට කොපි වෙනතුරු.
හරි එහෙනම් ඔච්චරයි.. වැඩේ කරලම බලන්නකෝ...
මතක ඇතුව අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න...












