Pages


Friday, August 09, 2013

ෆේස්බුක් ගිණුම් හැකර්ලගෙන් ආරක්ෂා කර ගැනීමට පිළිපැදිය යුතු කරුණු කිහිපයක්...



ෆේස්බුක් ගිණුම් හැකර්ලගෙන් ආරක්ෂා කර ගැනීමට පිළිපැදිය යුතු කරුණු 





  1. ඔබේ ෆේස්බුක් ගිණුමේ ප්‍රොෆයිල් එකේ ඊමේල් ලිපිනය මිතුරන්ට පෙනේන්නට නොදමන්න.
  2. ඔබට විශ්වාස නැති ස්ථාන වලදී ෆේස්බුක් ගිණුම විවෘත නොකරන්න. ( ඉන්ටෙර්නෙට් කැෆේ වැනි ස්ථාන )
  3. අන්තර්ජාලයෙන් ඉවත් වනවිට cookies, saved password මක දමන්න.
  4. වෙබ් බ්‍රවුසරය තුල පාස්වර්ඩ් save නොකරන්න.
  5. ඔබේ පුද්ගලික පින්තුර ෆේස්බුක් වෙත නොදමන්න.
  6. ඊමේල් ගිණුමට ඔබ පමණක් දන්නා Security Questions ලබාදෙන්න.
  7. කිසිවෙකුටත් අනුමාන කල නොහැකි Security Questions ලබාදෙන්න.
  8. චැට් කිරීමේදී කිසිවෙකු මත පුර්ණ විශ්වාසය නොතබන්න.
  9. ඔහු එවන ලින්ක් පිළිබද දැනුමක් නොමැති නම් ඒවා ක්ලික් කිරීමෙන් වලකින්න.
  10. මිතුරන් ඇඩ් කරගැනීමේදී ඔහු හෝ ඇය ගැන ටිකක් සොයා බලන්න.
  11. ඔබ නොදන්නා ඇප්ලිකේෂන් වලට පර්මිෂන් ලබා නොදෙන්න.
  12. ඔබේ ෆේස්බුක් මුරපදය අකුරු ඉලක්කම් කලවම් කර යොදන්න.
  13. විවිධ පුද්ගලයන් එවන ලින්ක් මත කිල්ක් කිරීමට පෙර දෙවරක් සිතන්න.
  14. ඊමේල් ගිණුමට නිර්නාමිකව එවන ඊමේල් වලට කිසිම දාක රිප්ලයි නොදමන්න.
  15. බොහෝ දුරට ඔබ කාන්තාවක යැයි  සිතන පුද්ගලයා කාන්තාවක් නොව හැකර් කෙනෙකු විය හැක.
  16. ඔය එක එක චාටු වචන කියා මෙය කිල්ක් කරන්න පැවසුවොත් කිසිම දාක එය කිල්ක් නොකරන්න.
  17. ඔය ෆේස්බුක් එකේ පැතිර යන එක එක කතා විශ්වාස නොකරන්න. (උදාහරණයක් ලෙස, ඔබේ ගිණුමට පැමිණි අය රිපෝර්ට් එකක් වශයෙන් පෙන්වීම.)  
  18. ෆේස්බුක් ගිණුම් හැක් කිරීමට යුටියුබ් අඩවියේ ඇති මෘදුකාංග භාවිතා නොකරන්න.(එම මෘදුකාංග වලින් හැක් කිරීමට ගියහොත් ඔබ නොදෙනුවත්වම ඔබව හැක් වීමට ඉඩ ඇත.)         
  19. ඔබේ මුර පදය වෙන කෙනෙකුට ලබා දීමෙන් වලකින්න. ( එසේ ලබා දුන්නොත් හැකි ඉකමනින් එය වෙනස් කරන්න.)
  20. ෆේක් ෆේස්බුක් ගිණුම් ඔබේ ගිණුමට එකතු කරගැනීමට පෙර දෙවරක් සිතන්න.
  21. ෆේස්බුක් ගිණුම් හැක් කිරීමට online වෙබ් අඩවි ඇත. එම අඩවි කිසි දිනක භාවිතා නොකරන්න.

                 
තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු... ...

©2013 Free Soft Zone ...