Pages


Sunday, September 15, 2013

Facebook ගිණුම හැකින් වලින් රැක ගන්නා හැටි (දෙවැනි කොටස)



සමහර අයට එන ගැටළුවක් තමයි තමන්ගේ facebook එකවුන්ට් එක වෙන කාගේ හරි අතට පත් වීම 
ඒ වගේ වැඩ කරන අයට හැකර්ස්ල කියල කියනවා ...

මම මිට කලින් ලිපියකින් ෆේස්බුක් එකවුන්ට් එක රැක ගන්න හැටි කියලා දුන්නනේ... :)

ඒ හැක් කරන්නේ එක එක සොෆ්ට්වෙයාර් භාවිත කරලයි නැත්තම් පිශින්ග් සයිට් / පේජ් වලිනුයි.
සොෆ්ට් වෙයාර් වලින් හැක් කරන්නේ කී ලොගර් වලින් වගේ සොෆ්ට් වගේ..
ඒවා පී සී එකේ වයිරස් කියල අල්ලනවා බට් අපේ හැකර් අයියලා ඒ කී ලොගර් ෆයිල් එක වෙන සොෆ්ට් එකකට හරි ZIP ෆයිල් එකක් Rar ෆයිල් එකකට දාල ඔයාලට එවනවා එතකොට ඔයා ඔයාගේ පී සී එකේ කරන ඔක්කොම හැකර් කරු වෙත යනවා ටෙක්ස්ට්,ස්ක්‍රීන් ෂොට් විදියට
මේකෙන් බේරෙන්න නම් ඔයා පී සී එකට දාන ෆයිල් සොෆ්ට් ස්කෑන් පාරක් දාල ගත්ත නම් ගොඩ වයිරස් ගාර්ඩ් එකෙන් ඔය කී ලොගර් අල්ලනවනෙ
එතකොට හැකර්ට හුලන් තමයි



පිශින්ග් පේජ් ගැන කිව්වොත් ඔයාල ඔක්කොම දන්නවා ෆේස්බුක් මේන් පේජ් එක වගේ තවත් පේජ් එකක් හදල ඔයාට එවනවා ඵට ගේම් තියෙනවා සල්ලි හම්බෙනවා කියල ඒවාට ගියාට කමක් නෑ 
එත් එකට ගිහිල්ල ලොග් වෙන්න තිබ්බොත් ලොග් වෙන්න එපා ලොග් වෙන්න කලින් උඩ බ්‍රවුසර් බාර් එකේ ලින්ක් එක බලන්න ඒ ඔයා ගිය ලින්ක් එක ඇත්ත facebook ලොගින් පේජ් එක නම් උඩ ලින්ක් එක
www.facebook.com
m.facebook.com
0.facebook.com
www.fb.com
කියල තියෙන්න ඕනි 
මෙහෙම තිබ්බොත් එකේ කවදාවත් ලොග් වෙන්න එපා
www.facebooook.123hosting.com
www.fbgroupchat.95host.com
ඔය සමහරක් තව ගොඩක් තියෙනවා
ඔය වගේ ලින්ක් වල ලොග් උනාම කිසි දෙයක් එන්නේ නෑ 
හැකර් කරු වෙත ඔයාගේ ඊ මේල්,පාස්වර්ඩ් යනවා විතරයි.

Image and video hosting by TinyPic

ඔන්න එහෙනම් තව ටිකක් කියන්නම් 
* කවදාවත් ඊ මේල් එක යාලුවන්ට පෙනෙන්න දාන්න එපා.
* පාස් එක අකුරු ඉලක්කම් යන ඔක්කොගෙන්ම එකට දාන්න.
* වෙන කාගේ හරි කොම් එකකින් ලොග් උනා නම් ලොග් අවුට් වෙලාම යන්න.
* බ්කොම් එක හුඟ දෙනෙක් යූස් කරනවා නම් බ්‍රවුසර් එකේ පාස් සේව් කරන්න එපා.

ඕන හැක් නොවී ඉන්න පොඩි උදවුවක් දුන්න
එහෙනම් අපි ගියා... 



__යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__